• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උසස් පෙළ විභාගයේ දී ගිණුම්කරණ විෂයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

30 October 2020
in දේශීය

එළඹෙන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන අතර තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිත ඇත.

මෙම විෂය සදහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

රට තුළ මතුව පවත්නා තත්වය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි විභාග මධ්‍යස්ථාන 638 ක් ක්‍රියාත්මක වන බවද, එම මධ්‍යස්ථාන ඇතුළු දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

විභාග අපේක්ෂකයන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි සැලකිලිමත් වන ලෙස දෙමව්පියන්ට ද දැනුම් දී ඇත.

එමෙන්ම, ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා දින පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඔක්තෝබර් 22 දින සිට අද (30) දින තෙක් පැවැති බව ද කුලියාපිටිය සහ ගම්පහ හැර දිවයින පුරා, විභාග මධ්‍යස්ථාන 391 ක් යොදාගනිමින් පිළිතුරු ඇගයීම් කටයුතු සිදු කළ බවද විභාග කොමසාරිස් පැවසීය. රට තුළ පවතින වාතාවරණය හමුවේ මේ සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ සියලුම ප්‍රධාන පරීක්ෂකවරුන්, සහකාර පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කෘතවේදී ස්තූතිය පිරිනමන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

 

Post Views: 18
Previous Post

කොරෝනා ආසාදිතයින් 6313 දක්වා ඉහලට

Next Post

රාජ්‍ය කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකුලව ජනපති නුල් පිළිගන්වයි

editor

editor

Next Post

රාජ්‍ය කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකුලව ජනපති නුල් පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved