• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියළි මිරිස් ප්‍රමාණය 2025 වන විට මෙරටදීම නිපදවීමට සැලසුම්

16 February 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අප රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩ පිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී බෝග වර්ග 13ක් සදහා පත් කර ඇති බෝග සම්බන්ධීකාරක නිලධාරින් සමග සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇති ඉහළම අස්වැන්නක් ලබා දෙන නවතම හයිබ්‍රිඩ් මිරිස් විශේෂ දෙක වන MICH-1, MICH-2 මිරිස් ප්‍රභේද සාර්ථක වීම නිසා මෙම ඉළක්කය සපුරා ගැනීමට හැකි වී තිබේ.

එම මිරිස් ප්‍රභේද දෙක මෙතෙක් අප රටේ මිරිස් වගාව අඩාල කිරීමට බලපෑ කොළ කොඩවීමේ රෝගය (Leaf Curl Complex) වැනි රෝග ගණනාවකට ඔරොත්තු දීමත් , ඉහළ අස්වැන්නක් හා එම මිරිස් බීජවලින්ම කන්න කිහිපයක්ම යන තෙක් උසස් අස්වැන්නක් ලබා ගත හැකි වීමත් නිසා අපේක්ෂිත මිරිස් අස්වැන්න පහසුවෙන් ලබා ගත හැකි ව තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.

2023 වසරේ දී මෙරට හෙක්ටෙයාර් 18,779ක මිරිස් වගා කිරීමට සැලසුම් කර තිබේ. ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 13,000කි. එම ප්‍රමාණය සමස්ත අවශ්‍යතාවයෙන් සියයට 25ක් වේ. ඒ අනුව මෙරටට අවශ්‍ය සම්පූර්ණ මිරිස් ප්‍රමාණය ම 2025 වනවිට නිපදවීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 70,000ක් වේ. පසුගිය වසරේ දී මෙරට අමු මිරිස් මෙට්‍රික් ටොන් 35,718ක් නිෂ්පාදනය කර ඇත. ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 47,696කි. අප රටට අවශ්‍ය සමස්ත අමුමිරිස් ප්‍රමාණය ම දැනට අප රටේ නිපදවනු ලැබුවත් වියළි මිරිස් තවමත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.

වියළි මිරිස් ආනයනය සඳහා අප රටෙන් වෙනත් රටවලට ඇදී යන විදේශ විනිමය මෙරටදීම ඉතිරි කර ගැනීම සඳහා අප රටේ නිපදවීම මෙන්ම අප රට තුළ නිපදවිය හැකි හැම දෙයක්ම රට තුළ නිපදවා ගැනීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ඉළක්කය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය ද මේ වනවිට මිරිස් වගාව කෙරෙහි උනන්දුවක් දක්වන අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ASMP හා කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන SAPP මගින් ද මිරිස් වගාව ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, නවීන උපකරණ මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දෙනු ලබයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Post Views: 18
Previous Post

විදුලි කප්පාදුවක් අද සිට නෑ – ඇමැති කාංචන

Next Post

ජලජීවී වගා ව්‍යාප්තිය කඩිනම් කළ යුතුයි – ඇමැති ඩග්ලස්

editor

editor

Next Post

ජලජීවී වගා ව්‍යාප්තිය කඩිනම් කළ යුතුයි - ඇමැති ඩග්ලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

ටම්ප්ගේ අලුත් නීතිය අද සිට වැඩ

9 June 2025
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

ලස්සන වෙන්න අමු සුදු ළූණු කාලා බලන්න

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved