27 April 2024
#දේශීය

ජලජීවී වගා ව්‍යාප්තිය කඩිනම් කළ යුතුයි – ඇමැති ඩග්ලස්

ජලජීවි වගා ව්‍යාපෘති සඳහා අදාළ ඉඩම් විද්‍යානුකූලව හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ජනතාව තුළ ජල ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේය බත්තරමුල්ලේ පිහිටි ජලජිවි වගා සංවර්ධන ආයාතනයේ (NAQDA) සංචාරයකට එක් වෙමිනි.

පසුගිය වසරේ හා මෙම වසරේ ඉදිරි මාස වල රටතුළ සිදුකිරීමට යන ජලජීවී ව්‍යාපෘති හා එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ බවත්, (NAQDA) ආයාතනය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති වලට බලපාන කාලීන ගැටලු පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදී.

විශේෂයෙන් මඩකලපුව ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මකවන ජලජීවි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබදව සොයාබැලු අමාත්‍යවරයා එම ප්‍රදේශය නියෝජනය කරන ජනතා නියෝජිතයින්ගේ අදහස්ද යොදාගනිමින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කළයුතු බවද පැවසීය. එසේම බංගදෙණිය, කිලිනොච්චි, පුදුමුරිප්පු, හා මන්නාරම ප්‍රදේශවල පිහිටුවා ඇති අභිජණන මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය ක්‍රමාණුකූලව පවත්වාගනිමින් නිෂ්පාදනය වැඩිකළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය හා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගී විය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *