• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීමේ සුදානමක්

4 December 2020
in දේශීය

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කල යුතු වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (03) සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාව සදහා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, සංචාරක සංවර්ධන අධීකාරිය හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියහ.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරිමට අදාලව මූලික සැළසුම් සකස් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාල අංශ නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ තින්දු තීරණ පරිදි විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාලව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය අතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට කුෂානි රෝහණදීර මහත්මිය පත් කරයි

Next Post

ස්විට්සර්ලන්ත තානාපති අධිකරණ ඇමැති හමුවෙයි

editor

editor

Next Post

ස්විට්සර්ලන්ත තානාපති අධිකරණ ඇමැති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved