• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ජාතික රෝහල තුලිනුත් PCR පරීක්ෂණ කිරීමේ සුදානමක්

22 December 2020
in සංවර්ධන

කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාගය කිරීම අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ඒ ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසිනි.

කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකළ අතර, මෙම පී.සී.ආර් යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේ දී කොළඹ ජාතික රෝහල තුල ද පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ.

ඒ අනුව දෛනික සැත්කම් සදහා පොරොත්තු ලේඛණවල සිටින රෝගීන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදු කර ගැනීමේ හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන අතර, හේමාස් ආයතනය විසින් සිදු කළ මෙම පරිත්‍යාග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඇගයීමට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ හේමාස් රෝහලේ සභාපති මූර්තාසා ඊසුෆ්ලි මහතා (Mr. Murtaza Esufally), හේමාස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා, ප්‍රධාන විධායක නිලධාරි කස්තුරි විල්සන් මහත්මිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් අතපත්තු යන මහත්ම මහත්මීන් විසිනි.

මෙම පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්. කුමාර වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ස්ටැන්ලි අමරසේකර මහතා ඇතුලු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

මඩ ගැහුවාට වැඩක් නෑ අපි රටේ ආර්ථිකය ගොඩ ගන්නවා – රුසියාවේ හිටපු තානාපති උදයංග (video)

Next Post

එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී – කොවිඩ් කමිටුවේ දී ජනපතිගෙන් තීරණයක්

editor

editor

Next Post

එංගලන්තයේ සිට මගීන් ගෙන්වීම තාවකාලිකව නවතී - කොවිඩ් කමිටුවේ දී ජනපතිගෙන් තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved