• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කරනවා – රුවන් විජයවර්ධන

7 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි.

එහිදී අදහස් දැක්වු රුවන් විජයවර්ධන මහතා, “ශ්‍රී ලංකාව දැනට ඉතාම දුෂ්කර ආර්ථික තත්වයක් පසු කරමින් සිටිනවා. එය අප නිදහස ලැබුවාට පසු හටගත් විශාල ම ආර්ථික අර්බුදයයි. සමාජ ආර්ථික වශයෙන් ඉතාමත් ඉක්මනින් මේ තත්ත්වය ප්‍රතිසංස්කරණය කර ගත යුතුව තිබෙනවා. අපේ රට දූපතක්. ඒ නිසාම අපි කාලගුණික සහ දේශගුණික විපර්යාස වලට ඉක්මනින්ම ගොදුරු වෙනවා. මේ තත්ත්වය කාලයෙන් කාලයට වර්ධනය වෙමින් යනවා. විශේෂයෙන්ම ජලය මූලික කර ගත් ව්‍යසනවලට අපි මුහුණ දෙමින් සිටිනවා. ලෝකයේ වැඩියෙන්ම කාලගුණික සහ දේශගුණික අවදානම්වලට ලක්විය හැකි රටවල් දහය අතරේ අප සිටින බව ගෝලීය කාලගුණික අවධානම් දත්ත පොතේ 2018 නිකුත් කළ වාර්තාවන්ට අනුව සඳහන් වෙනවා. රටේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් පවතින මොහොතකදී දේශගුණික විපර්යාසත් සිදුවීමේදී පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වෙනවා. විශේෂයෙන්ම දේශීය සම්පත් මත යැපීමේ අවශ්‍යතාවය අපේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍යව තිබෙනවා. උදාහරණයක් වශයෙන් කෘෂිකර්මාන්තය,ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි අංශවල දී මේ තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා. මේ තත්ත්වයන් තුළ දී කාලගුණය මගින් හටගන්නා විවිධ දුෂ්කරතා නිසා, අපේ ජන ජීවිතයට හානි වන අතරම ආර්ථිකය ආපස්සට යෑමක් සිදුව තිබෙනවා. හරිතාගාර වායු විමෝචන ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. පසුගිය වසරේ වායු විමෝචනය අවම කරගැනීම සඳහා අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තම බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම 2050 වර්ෂය වන විට ගල් අඟුරුවලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම නවත්වන්නට තීරණය කර තිබෙනවා. මේ ඉතාම වගකිව යුතු තත්ත්වයක්. මේ සඳහා ඉතා ශක්තිමත් සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් සහ මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ අප කාබන් ශූන්‍ය කිරීමේ වැඩසටහනක් සහ ඒ සඳහා වූ ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකස් කරමින් සිටිනවා. ඒ තුළින් තමයි අපි අපේ පරිසරය සම්බන්ධව තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙම කාබන් ශූන්‍ය කිරීමේ වැඩපිළිවෙළේ දී බලශක්ති නිෂ්පාදන අංශයට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. ඒ වගේම ජාතික කාලගුණික වෙනස්කම් ප්‍රතිපත්තියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කාලගුණය සහ දේශගුණය සම්බන්ධව ගන්නා හැම තීරණයක්ම ප්‍රතිපත්ති මත තීරණය විය යුතු බව අප තරයේ විශ්වාස කරනවා. එසේ වුවත් තවත් විශාල කාර්යභාරයක් ඉටු කරන්නට අපට ඉතිරි වෙලා තිබෙනවා. මෙතැනදී තමයි මේ දේශගුණික මූල්‍ය සංකල්පය වැදගත් වන්නේ. සියල්ලක් වෙනුවෙන්ම මුදල් අවශ්‍යයි. එනිසා මේ මොහොතේ වඩා වැදගත් වෙලා තියෙන්නේ දේශගුණික මූල්‍යකරණය කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. මේ කරුණ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අපි දැනටමත් එකතු වෙලා ඉන්නවා. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර ජාතික මූල්‍ය වැඩපිළිවෙළක් සඳහා යොමු වෙමින් ඉන්නවා. මේ සඳහා “බයෝ ෆින්” (BIOFIN) සහයෝගය ලැබෙනවා. මා මේ දක්වා පැහැදිලි කළ කරුණු සමග තවත් එක් අවසන් කාරණයක් සඳහන් කරන්නට තිබෙනවා. දේශගුණ විපර්යාස ගැන සාකච්ඡා කිරීමේදී අඩු කාබන් ප්‍රතිශතයක් පවත්වාගෙන යෑම, අවදානම් දැනුම් දීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම යන කාරණා සම්බන්ධව අවධානය යොමු කරන බව සඳහන් කරන්නට කැමතියි.යැයි රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 28
Previous Post

ජාතික කියවීමේ මාසයේ වෙන්නප්පුව කිරිමැටියානට ඩිජිටල් පුස්තකාලයක්

Next Post

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී පත් වෙයි

editor

editor

Next Post

ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතීත්වයට පාඨලී පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved