• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

15 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කර වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධීපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (14) ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

ඉකුත් පාලන කාලයේ දී ඇණවුම් කරන ලද දුම්රිය මැදිරි කට්ටල ගණන 160කි. එම ප්‍රමාණයෙන් දැනට දුම්රිය මැදිරි 120ක් මෙරටට ගෙන්වා ඇති අතර එයින් ධාවනයට එක්කර ඇති මැදිරි සංඛ්‍යාව 40කි.

මෙතෙක් ධාවනයට එක් නොකළ මැදිරි සියල්ල කඩිනමින් ධාවනයට යොදවන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ධාවනයේ යෙදවිය හැකි එහෙත් ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ අලුත්වැඩියා කර කෙටි දුර ධාවනයට එක් කරන ලෙසත් ග්‍රාමීය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා එයින් සපුරා ගැනීමට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිණ.

සියලු වෘත්තීය සමිති සහ සේවකයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමෙන් ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටලු විසඳා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාව පීඩාවට පත් කරන, වෘත්තීය අරගල නතර කිරීමට සියලු පාර්ශ්වයන් අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රය විධිමත්ව පවත්වාගෙන යාමට අවධානය යොමුකළ යුතුය. තාක්ෂණය සහ නීතිරීති ක්‍රමවත් කිරීමෙන් බලපාන බොහෝ දුෂ්කරතා නිරාකරණය කරගත හැක. එසේම සංචාරකයන් ඉලක්ක කරගනිමින් සංචාරක කලාප ආවරණය වන පරිදි මගී සේවාවක් ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින සේවක අතිරික්තය බරපතළ ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර කිසිඳු සේවකයෙකු ඉවත් නොකොට නිසි පුහුණුවක් ලබා දී ඔවුන්ගේ සේවය ලබාගත හැකි ක්‍රමවේද කඩිනමින් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට කියා සිටියේය.

අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කොට ඉදිරියේ දී මගී ප්‍රවාහනය සඳහා විද්‍යුත් බස් රථ 100ක් ආනයනයට ඇති හැකියාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් ජනතාවගේ මැසිවිලි ගැන අවධානය යොමු කොට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබාදීමට සියලු දෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බස් ගාස්තු වැඩි කොට මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමට රජය සූදානම් නැති බවත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමෙන් වර්තමානයේ ප්‍රවාහන සේවය මුහුණ දෙන ඇතැම් ගැටලුවලට ඒ තුළින් විසඳුම් සොයා ගත හැකි බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

ලග්ගල නව සහකාර ප්‍රාදේශිය ලේකම් වැඩ බාර ගැනිම

Next Post

කොවිඩ් අරමුදලට Cloud – 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

editor

editor

Next Post

කොවිඩ් අරමුදලට Cloud - 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved