27 April 2024
#දේශීය

කොවිඩ් අරමුදලට Cloud – 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ චෙක්පත ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී Cloud – 9 International Event ආයතනයේ අධ්‍යක්ෂ, චමින්ද ජයසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙනු ලැබිණ.

පසුගිය වසරේ දෙසැම්බර් 25වන දින CHEC Port City Colombo (Pvt) Ltd හා Cloud – 9 International Event ආයතනය එක්ව සංවිධාන කළ Cloud – 9 ප්‍රසංගයෙන් ලැබුණු මුදල් පරිත්‍යාග කරනු ලැබීය.

CHEC Port City Colombo (Pvt) Ltd හි නීති හා වෙළඳ ප්‍රධානී එරික් ඕ (Eric Ou), සහකාර කළමනාකරණ අධ්‍යක්ෂ යු යෙකුයින්ග් (Yue Yeqing), Cloud – 9 International Event අධ්‍යක්ෂ දසුන් අබේසූරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *