රටක් ඉදිරියට යාමට නම් පාර්ලිමේන්තුවේ බහුතර සහාය ජනාධිපතිවරයාට අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මෙ බව පැවසුවේ ඊයේ (19) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී සිරිසේන මහතා කියා සිටියේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ පුර්ණ සහතියක් ගෙන අලුත් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කල යුතු බවයි.
පාර්ලිමේන්තු මැතිවරණය කල් යාම තුළින් සිදු වන්නෙ එය රටේ ආර්ථිකයට සංවර්ධනයට විශාල බලපෑමක් බව හෙතෙම පැහැදිලි කළේය. අලුත් පාර්ලිමේන්තුව කැඳවීම ඉතා අවශ්‍ය බවත් එය සෞඛ්‍ය අංශවල පුර්ණ සහය ඇතිව සිදු කල යුතු බව ඔහු අනාවරණ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයෙදී වත්මන් ජනාධිපතිවරයාට විශාල සහයෝගයක් ලබා දුන් අතරම මහමැතිවරණයේදීත් වැඩි ජයග්‍රහණයක ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය විශිෂ්ඨ විදිහට ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සිරිසේන මහතා අවධාරණය කළේය.
තමාගේ ජනාධිපති ධුර කාලයේදී පාර්ලිමේන්තුවේ සහාය තමාට නොමැති වීම තුළින් රටේ ඇති වු ගැටළු සුළුපටු නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයාට එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බව ඔහු අනාවරණ කළේය.
දිලිනි සමන්මලි