27 April 2024
#දේශීය

බැසිල්ගේ මංගල අයවැය ලබන 12 වනදා පාර්ලිමේන්තුවට – ඇමැති ජී.එල්

අද රටේ පවතින තත්වයන් තුළ දීර්ඝ කාලයක් පාසැල් වැසි තිබුණ අතර නැවතත් ඔක්තෝම්බර් 21 වෙනිදා ශිෂ්‍යයින් 200ට අඩු පාසැල්, සැලැස්මකට අනුව ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එසේම විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩ නොදි දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන ලෙස ද තවදුරටත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

එසේම අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සිය මංගල අයවැය නොවැම්බර් 12 ශ්‍රි ලංකා පාර්මේන්තුවට ඉදිරිපත් කරන අතර එහි අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා යොදා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *