• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉඩම් අහිමිවුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දෙන්න – ජනපති

3 October 2020
in සංවර්ධන

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ග්‍රාමනිලධාරී වසමේ නාගවනාරාම විහාරස්ථාන භූමියේ ඊයේ (02) පෙරවරුවේ පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමිනි.

දිවයිනේ අතිදුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණගැසීම රාජපක්ෂ මහතාගේ තවත් අරමුණකි. විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ගම්මූන් ජනාධිපතිවරයා හමුවී දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට නාගවනාරාම විහාරස්ථානයට පැමිණ සිටියහ.

රැස්ව සිටී බොහෝ දෙනාගෙන් ඉඩම් පිළිබඳ ගැටළු රැසක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොල නගරයේ විශාල පිරිසකට බලපා ඇති ඔප්පු පිළිබඳ ප්‍රශ්නයට ද කඩිනමි විසදුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ස්වයං රැකියාවක් ලෙස කිරි ගොවි කර්මාන්තයේ නිරත පිරිස මුහුණ දී සිටින ගැටළු කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. ඔවුන් ව්‍යවසායකයන් බවට පත්කිරිමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවරගත යුතු යැයි සඳහන් කළේය. අඩු මුදලට කිරි ගවයන් දීමට අදාළ ආයතන දැනුවත් කිරීමට ද තීරණ කෙරිණි.

කිරි ගොවීන් ණය ඉල්ලුම් කිරීමේදී සැපයිය යුතු ඇප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. ඔවුන් මුහුණ පා සිටින ගැටළු සඳහා කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොල වකුගඩු ‘රුධිර කාන්දුකරණ’ ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඒකකයට අවශ්‍ය උපකරණ සැපයීමට රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. දඹුල්ල, මහනුවර, කුරුණෑගල සහ මහියංගනය රෝහල් වෙත ගොස් ‘රුධිර කාන්දුකරණ’ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමගින් විශාල සහනයක් හිමිවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින හෙද හිගය පියවීමට වහාම පියවර ගැනීමට ද තීරණය කෙරිණ.

 

Post Views: 9
Previous Post

බටහිර චින්තනයට අනුව අපේ ජීවිත මනින්න ගියාම, ඔළුව කුරුවල් වන බව ඇමැති විමල් කියයි

Next Post

කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනයට පියවර

editor

editor

Next Post

කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනයට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved