ඇමරිකාව සහ ඉරානය අතර හමුදාමය ගැටුම් ආරම්භ වී මාස හයක් ගතවී ඇති පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින දැඩි නාවික තර්ජන හමුවේ කටාර් රාජ්‍යයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයනය 96% කින් අඩුවී ඇති බවත්, එමගින් එරට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් Reuters පුවත් සේවය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවයේ සංඛ්‍යාලේඛන විග්‍රහයන්ට අනුව, මෙම බලශක්ති සැපයුම් බිඳවැටීම හේතුවෙන් කටාර් රාජ්‍යයට අහිමි වී ඇති ස්වාභාවික වායු අලෙවි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 24 ක් තරම් විශාල වේ. මෙය 2025 වසරේ දත්ත පදනම් කරගනිමින් ගණනය කළ විට කටාර් රාජ්‍යයේ මාස පහක සමස්ත ජාතික ආදායමට සමාන දැවැන්ත මූල්‍ය අලාභයකි.
ගෝලීය LNG සැපයුමෙන් විශාල කොටසක් හිමිකරගන්නා කටාර් රාජ්‍යයේ අපනයන මෙලෙස අඩපණ වීම හේතුවෙන් යුරෝපය සහ ආසියානු රටවල් රැසක බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇති අතර, මැදපෙරදිග යුධමය තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ ආර්ථික ස්ථායිතාව දැඩි අවදානමකට ලක්ව තිබේ.














