27 April 2024
#දේශීය

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ප්‍රවේශමෙන් සිදු කළ යුතුයි – රාජ්‍ය ඇමැති රංජිත්

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

විශේෂයෙන් ම බදු ආදායම ඉහළ නැංවීමේ දී නීත්‍යානුකූලව බදු ගෙවිය යුතු කණ්ඩායම පමණක් ඉල්ලක කරගෙන බදු අයකර ගැනීම අතාශ්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා‌ දෙන්නේ.
රාජ්‍ය අමාත්‍යවරයා එහි දී මෙසේ අදහස් පල කලේය ” අපි දන්නව නීත්‍යානුකූලව බදු ගෙවිය යුතු අය බදු ගෙවන්නෙ නැති අවස්ථා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කළ යුතුයි. බද්දකින් අපි බලාපොරොත්තු වෙන විවිධ කාරණා තියෙනවනෙ. ඇතැම් බදු තුළ බදු ආදායමට එහා ගියා පුළුල් සමාජ දර්ශනයක් තියෙනවා. සුරා බද්දෙනුත් අපි බලාරොත්තු වෙන්නෙ සුරා භාවිතය අඩු කිරීම. මොකද සෞඛ්‍යයට අහිතකරයි. සමාජයට ප්‍රශ්නයක් වෙනවා. කොපමණ ආදායම් ලැබුණත් ප්‍රවර්ධනයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි පොදුවේ මත්පැන්වලින් ලබා ගන්නෙ 75%ක විතර බද්දක්. දුම්වැටිවලින් අපි ලබා ගන්නෙ 65% – 75% ක විතර බද්දක්. පාර්ලිමේන්තුවෙ පක්ෂ විපක්ෂ සියලු දෙනා මට යෝජනා කළා මේක 90% දක්වා ඉහළ නංවන්න. පෙරේද වෙද්දි අපේ රටේ ආහාර උද්දමනය ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 90%ක්. අපේ අටේ ඉන්න පවුල් ලක්ෂ 68න් ලක්ෂ 17ක් සමෘද්ධිලාභීන්, තවත් ලක්ෂ හතක විතර පවුල් සංඛ්‍යාවක් සමෘද්ධිය අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ් කියන්නෙ පවුල් ලක්ෂ 68න් ලක්ෂ 26ක් විතර ඉන්නෙ යැපුම් මට්ටමේ. ඉතින් 90%ක ආහාර උද්ධමනය කියන්නෙ සැලකිය යුතු තත්ත්වයක්. යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
සුරාබදු දෙපාර්තමේන්තුම මගින් ක්‍රියාත්මක කර ඇති ස්ටිකර් වැඩසටහන පැසසීමට ලක් කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම නව වැඩපිළිවෙළින් පසු සුරාබදු ආදායම රුපියල් බිලියන 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ වසරේ අපේක්ෂිත සුරාබදු ආදායමෙන් 65%ක පමණ ප්‍රමාණයක් මේ වන විට ලබාගෙන ඇති අතර ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් මත්පැන් භාවිතය 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති තත්ත්වයක් තුළ පවා ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට හැකි වීම ගැන අමාත්‍යවරයා සුරාබදු බලධාරීන් වෙත සිය ප්‍රසාදය පළ කළේ ය. මීට අමතරව කිතුල්, තල් සහ පොල් රා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ අපනයන මට්ටම ඉහළ නංවා ගැනීම පිළිබඳ අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටිහය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *