27 April 2024
#දේශීය

රාජ්‍ය සේවකය‍ාගේ ආකල්ප වෙනස් විය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

ඵලදායි රාජ්‍ය සේවයක් ක්‍රියාත්මකවිමට රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වඩා හිතවාදී ජනතා සේවයක් වෙනුවෙන් රටට හිතැති අයුරින් කාලීනව වෙනස් විය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගතිය විමසීම සහ වර්තමාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය 26 වනදා ආණ්ඩුකාර කාර්යාලීයේ පැවැති අවස්ථාවෙදිය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගතිය, ස්ථාන මාරු ගැටලු, විෂායනුබද්ධ ගුරු හිගය, මානව සම්පත් කළමනාකරණය වඩා කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවීම සදහා සැලසුම් සකස් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා වු අතර, මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ‍පළාත තුල රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම අයුරින් පවත්වා ගැනීම වැදගත් බවත්, වසර 30 කට අධික කාලයක් මුලුල්ලේ ක්‍රියාත්මක වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව වඩා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වඩා හිතවාදී ජනතා සේවයක් වෙනුවෙන් රටට හිතැති අයුරින් කාලීනව වෙනස් විය යුතු බවය.රාජ්‍ය සේවය රැකියාවක් වීම වගේම දේශපාලන අතගැසිම් තුළ රාජ්‍ය අංශය දීර්ඝ කාලයක් තිස්සේ පහළට වැටිමක් සිදු ව ඇති බවත් එම මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභවේ සභාපති පී.ජී.අමරකෝන් , මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභවේ ලේකම් ඩබ්.දායානන්ද යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගීවිය.

 

මහේෂ් කිර්තිරත්න මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *