ජනතාව දැඩි ලෙස දුක්විදින තත්වයකට පත්වී ඇති අවස්ථාවක අයවැය තුන්වන වරකියවීමේ අවස්ථාව සමග ජනපති රනිල් ඇමති මණ්ඩලය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (25) නිදහස ජනතා සභාව පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .
එහිදී අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ” අද රනිල් පාර්ලිමේන්තුවට වරින් වර නින්දෙන් ඇහැරලා වගේ එනවා ඇවිත් විවිධ ජෝක් කරනවා කවුරුත් හිනාවෙන්නේ නැහැ අනේ එතුමා ම හිනා වෙනවා ,ආයේ යනවා පොඩි වෙලාවකින් ආයේ එනවා “Jack in the box” වගේ ,විපක්ෂය ට හාමුදුරුවන්ට මානව හිමිකම් සංවිධාන වලට තර්ජන කරනවා උඩ පනිනවා හිනා වෙනවා හරි අපුරු වැඩ වෙනවා. එයා ආතල් ගන්නවා.ඒ අතරේ රනිල් කියනවා එයා ජනාධිපති කමට කැමැත්තෙන් ආවේ නැහැලු. මම රනිල් ට කියනවා පට්ටපල් බොරු කියන්න එපා කියල, මොකද රනිල් අගමැති උනේ නම් ගෙන්වලා. . හැබැයි අගමැතිවරයා ජනාධිපති ධූරය හිස්වූ විට වැඩ බල ජනාධිපති ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථාව ට අනුව තත්වය වූවත් වැඩබලන ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපති තගයට ඉදිරිපත් විම අනිවාර්යය තත්වයක් නොවන බවත්, එවැනි තත්වයක් තුල රනිල් ජනාධිපති තරගයට පැමිණියේ ඇයි කියල මම අහනවා. කෑදර නැත්නම්. . මේක එතුමගේ සිහිනය අවුරුදු ගනනාවක් ඇඩ්ඩ්‍රස් නැතුව පැරදි පැරදි ඉදල පෙරේත කමට ජනාධිපති උනේ වරදාන වරප්‍රසාද පුදලා ඒක රටම දන්න දෙයක් නේ. මම රනිල් ජනාධිපතිට කියනව ඔය වගේ මෝඩ ආතල් දෙන්න එපා මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියනවා. ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න මෝඩ විදිහට පාර්ලිමේන්තු වේ හැසිරෙන එක නෙමෙ කරන්න ඕනෙ කියලා . ඒ වගේම තමා රනිල් දන්නවා අරගල ඉවර නැහැ කියලා ඒකයි මේ අරගලය ට ගහන්නේ එයා දන්නව ගමේ ජනතව ජිවත් වෙන්න බැහැ අරගලේ තියනවා ඉස්කෝලේ අරගලේ තියනවා. රෝහලේ අරගලේ තියනවා බේත් නැහැ ඒ නිසා තමන් අරගලෙ පිහිටෙන් දිනල දැන් මේ පශ්නය යට ගහල සුරංගනා කතා කියන්න එපා කියල මම ජනාධිපති ට කියනවා ඇලෝසියස් ලගේ බදු මුදල් කෝටි ගාණක් අයකරගන්න තිබියදී ඒ බර ජනතාව ට පටවල ඒ සියල්ල ජනතාව මතින් යවන්න එපා කියලා “යැයි මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.