27 April 2024
#දේශීය

රන් ජාවාරම්කරුවන්ට වැට – මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්

රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවයි.

රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ ජාවාරාම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *