• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

5 January 2021
in දේශීය

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු උන්වහන්සේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛණයේ අත්සන් තැබූහ.

පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පූජ්‍ය රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි
පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූහ. 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කල පූජ්‍ය රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.

Post Views: 16
Previous Post

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙනුවෙන් උපදේශක කමිටුවක් 

Next Post

ඉදිරි වසර 4 ඇතුලත මාර්ග සංවර්ධනය කරනවා – මහාමාර්ග ඇමති ජොන්ස්ටන්

editor

editor

Next Post

ඉදිරි වසර 4 ඇතුලත මාර්ග සංවර්ධනය කරනවා - මහාමාර්ග ඇමති ජොන්ස්ටන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved