• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැබෑ කම්කරුවෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි – අගමැති

16 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමිනි.

“ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන්” සම්මාන ප්‍රදානෝත්සවයේ දී කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ කීර්තිමත් වෘත්තිය සමිති නායකයින් 09 දෙනෙකු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහි දී ඇගයීමට ලක්වූහ.

වෘත්තිය සමිති නායකයන්වන මෙරෙඤ්ඤගේ දයාරත්න මුණිදාස ප්‍රනාන්දු (සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමය) ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර ( ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය) , සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන් (වතු සේවක සංගමය), හේම අමරතුංග පියදාස (සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය), රෙන්ගසාමි පලිනමුතු (ලංකා කම්කරු කොංග්‍රසය), විජේවන්ත පද්මසිරි අමරසිංහ (ලංකා වතු සේවක සංගමය) , රෙන්ගයියා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි (කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය), අරුමුගම් මුතුලිංගම් (එක්සත් වතු කම්කරු සංගමය), තුවාන් මන්සූර් රහීම් රසිඩීන් (ලංකා කම්කරු ෆෙඩරේෂන්) මහත්වරු සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස සේවයේ නිරතව සිට මේ වන විට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ සිටින මහින්ද මඩිහහේව සහ කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස සේවයේ නිරතව සිට රාජ්‍ය සේවයෙන් මේ වන විට විශ්‍රාම ලැබ සිටින ගුණසිරි වීරකෝන් මහත්වරු මෙහි දී අග්‍රාමාත්‍යතුමා අතින් ඇගයීම් සම්මාන ලබාගත්හ.

සුවහසක් වැඩකරන ජනතාවගේ සුබසාධනය ඉහළ නංවා තෘප්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් බිහිකිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයාව සිටියදී කළ යෝජනාවකට අනුව බිහි වූ ශ්‍රම වාසනා අරමුදලේ පුරෝගාමීත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් “ශ්‍රමයට අභිමන් – ජනතා බුහුමන්’’ 2021 සමරු කළඹ මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබීය.
“ශ්‍රමයට අභිමන් ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
මිත්‍රවරුනි,

අපේ රටට නිදහස ලැබිලා ලබන පෙබරවාරි 04 වෙනිදාට අවුරුදු 74 ක් ගතවෙනවා. ඒ නිදහස අපිට බන්දේසියක තියලා නිකම්ම ලැබුණෙ නැහැ. කම්කරු ව්‍යාපාරය ඒ නිදහස දිනාගන්න විශාල කැපවීම් කළා. ඔවුන්ගෙ ඒ කැපවීම නොවන්න අපට නිදහස ලැබීම තවත් ප්‍රමාද වෙන්න ඉඩ තිබුණා.

මිත්‍රවරුනි,

එදා ඉඳන්ම අපේ රටේ කම්කරු නායකයෝ මේ රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය වෙනුවෙන් කැපවුණා. ඒ විතරක් නෙමෙයි ඔවුන් වෘත්තිය සමිති ව්‍යාපාර ගොඩනගලා බලාපොරොත්තු වුණේ රට හමුවේ තිබුණ අභියෝග එකින් එක ජයගන්න එකයි.

ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන මේ විධියට කම්කරු නායකයන් බොහෝ දෙනෙකු නම් අපේ මතකයට එනවා. මේ අය මෙහෙයවපු වෘත්තිය සමිති ව්‍යාපාර කවදාවත් ජාතී,ආගම් වශයෙන් බෙදිලා සටන් කළේ නැහැ. ඒ වගේම වැඩකරන ජනතාව ජාති, ආගම්, කුල අනුව බෙදා වෙන් කළෙත් නැහැ.

හැමෝම එකම පන්තියක මිනිස්සු කියලයි වැඩ කළේ. අපේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාරය අදටත් මේ ආකාරයෙන් ශක්තිමත් වෙන්නෙ එදා දැමූ ඒ අඩිතාලම නිසා බවයි මම විශ්වාස කරන්නෙ.
මිත්‍රවරුනි,

වෘත්තිය සමිති සටන් කියන්නේ සීත කාමරවල ඉදන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුටි බැට කන්නත් සිද්ධ වෙනවා. හිරේ විලංගුවේ වැටෙන්නත් වෙනවා. අද මෙතැන ඉන්න කම්කරු නායකයින්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපේ ලෙස්ලි දේවේන්ද්‍රට නම් මේ දේවල් ගැන අවුරුදු 57 ක විතර අත්දැකීම් තියෙනවා. මට මතක හැටියට ජේ.ආර්.ගේ කාලේ කම්කරුවන් වෙනුවෙන් සටන් කරන්න ගිහින් බොරු චෝදනාවලට පවා ලක්වෙලා අවුරුදු 12ක්ම රැකියාව අහිමිවෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි අවුරුදු එකහමාරක් හිරබත් කන්නත් සිද්ධවුණා. මෙතැන ඉන්න අනෙකුත් කම්කරු නායකයිනුත් මෙවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීල ඇති. හැබැයි ඒ දේවල් වලින් කම්කරු නායකයින් නිහඬ කරන්න කාටවත් බැරිවුණා.

මිත්‍රවරුනි,

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි. රැකියා අහිමිව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවුණත් ඒ සියල්ලක්ම විද දරාගෙන ඒ අය සටන්කරනවා. අපි විශ්වාස කරනවා අද මෙතැන ඉන්න කම්කරු නායකයනුත් වැඩකරන ජනතාව වෙනුවෙන් අවංකව සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය කියලා.

මේ අයගෙන් වැඩිදෙනෙක් ජීවිතේ වැඩි කාලයක් ගතකරලා තියෙන්නෙ තම වෘත්තිය සඟයන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න. අදටත් ඔවුන්ගෙ සටන්කාමීත්වය තරුණයි. අපි දකිනවා මේ අය තමයි අදටත් කම්කරු සටන් බිමේ ඉදිරියෙන්ම ඉන්නෙ. වැඩකරන ජනතාව අද භුක්ති විඳින අයිතිවාසිකම් සහ වරප්‍රසාද බොහොමයක් මේ නායකයන්ගෙ කැපවීමෙන් ලබාගත් අයිතිවාසිකම් හා වරප්‍රසාද බව අමුතුමෙන් සිහිපත් කළ යුතු නැහැ.

මිත්‍රවරුනි,

දහඩිය කදුළු වගුරන කම්කරු ජනතාව වෙනුවෙන් මේ බොහෝ නායකයො ජීවිත කාලයම කැපකරත් මේ අය තමන්ටම කියල කරගත්තු දෙයක් නැහැ. තමන්ගේ කාලය , ශ්‍රමය විතරක් නෙ‍ෙමයි, ධනයත් ඒ වෙනුවෙන් කැපකරන කම්කරු නායකයො ඉන්නවා. සිය ජීවිත පරදුවට තබල මේ අය රැයක් දවාලක් නොමැතිව සටන්කරලා ලබන එකම තෘප්තිය තමයි වැඩකරන ජනතාවට වෘත්තිය අයිතිවාසිකම් දිනා දීම. ඒ නිසයි මම කම්කරු ඇමතිවරයාව ඉන්න කාලේ අඩසියවසක් සිය වෘත්තිය සඟයන් වෙනුවෙන් අරගල වල නිරත කම්කරු නායකයින් ඇගයීමකට ලක්කරන්න ඕනේ කියල ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කළේ.

මිත්‍රවරුනි,

රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. ඒ අයට විපතකදි පිහිටවෙන්න යම් සහනයක් වෙන්න රජයේ මුදල් වියදම් කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් 1995 වෙනකම්ම තිබුණෙ නැහැ. එදා කම්කරු ඇමැතිවරයා වෙනකොට මේ ගොඩක් කම්කරු නායකයො මාත් එක්ක පෞද්ගලිකව සමීප හිතවතුන්. බොහෝ කාලයක සිට දන්න හඳුනන අය. ඒ නිසා මේ අයගේ දුක,වේදනාව අපට නුහුරු දෙයක් නෙමෙයි. මේ නිසා එදා ඒ කම්කරු සහෘදයන්ගෙ සුබසාධනය ඉහළ නංවලා ඔවුන්ව තෘප්තිමත් ශ්‍රම බළකායක් ලෙස ගොඩනගන්න “ශ්‍රම වාසනා අරමුදල“ පිහිටුවන්නට අපට හැකිවුණා.

ඒ විතරක් නෙමෙයි ජීවිත කාලයම කම්කරු ප්‍රජාව වෙනුවෙන් කැපවන කම්කරු නායකයන් වගේම ඒ නිලධාරිනුත් හඳුනගෙන ඔවුන්ව අගය කරන්න ඕන කියලා අපි කල්පනා කළා. ශ්‍රම වාසනා අරමුදල ව්‍යවස්ථාපිත අරමුණක් බවට පත්කරලා රාජ්‍ය පිළිගැනීමක් සහිතව කම්කරු නායකයින් මේ විදියට ඇඟයීමට ලක්කරන්න පාර කැපුනේ ඒ විධියටයි. හැබැයි කම්කරුවන් වෙනුවෙන් හිටගත්තා කියලා මට එදා කම්කරු ඇමතිකමෙන් ධීවර ඇමතිකමට මාරුවෙන්න සිද්ධවුණා. ඒ අතීතය ඔබට මතකයි.

මිත්‍රවරුනි,

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් සමඟ තවත් කම්කරු නායකයින් 10 දෙනෙකු අද ඇඟයීමට ලක්වුණා. මගේ මතකයේ හැටියට 2008 දී බලාතම්පෝ, අලෙවි මව්ලානා, බ්‍රිටෝ, විමල් සිරි ද මැල්, කාරියවසම්, රාමයියා, සෙල්ලසාමි, වැනි කම්කරු නායකයින් 10 දෙනෙක් මේ වගේම ඇඟයීමට ලක්වුණා. හැබැයි මේ අතර කම්කරු නායිකාවන් නැතිකම මම දකින්නේ ලොකු අඩුවක් විධියට.

ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක්වුණු පොන්සිනාහාමි, එමලියා, වැනි සටන්කාමී කම්කරු නායිකාවන් ගැනත් අපේ රටේ ඉතිහාසයේ සඳහන්. මට මතක විධියට මරදාන සුදුවැල්ලේ පදිංචි සාමාන්‍ය පවුලක කාන්තාවක් වූ පොන්සිනා හාමිගේ සටන්කාමීත්වය ගැන කියැවෙන්නේ 1923 මහා වැඩ වර්ජනයත් සමඟ. ඇය ජාත්‍යන්තරයේ සම්මානයට පවා ලක්වූ කම්කරු සටන්කාරියක්. එමිලියාද 53 හර්තාලයේ දී ක්‍රියාකාරී වැඩ කොටසක් කළා.

 

මිත්‍රවරුනි,

අපේ මිත්‍ර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා, ඒ අමාත්‍යාංශයේ සහ ආයතනවල නිලධාරින් සම්බන්ධවෙලා මෙවැනි ඇගයීම් උළෙලක් සංවිධානය කිරීම ගැන අපේ ප්‍රණාමය පුදකරනවා. රට හමුවේ තිබෙන අභියෝග ජයගන්න අපට තිබෙන ශක්තිය කම්කරු ජනතාව බව නැවත සිහිපත් කරමින්, අද ඇගයීමට ලක්වූ කම්කරු නායකයන්ටත්, කම්කරු ජනතාවටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න,කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකිර්ති, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා, ශ්‍රම වාසනා අරමුදලේ අධ්‍යක්ෂවරුන්වන ලලිත් කන්නන්ගර, සුදත් බණ්ඩාර, හිමාලි ඔරුගොඩවත්ත මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

Post Views: 1
Previous Post

රසායනික පොහොර භාවිතය ගැන සොයන්න විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවයි

Next Post

පොහොර නොමැතිකමට වඩා සතුන්ගෙන් වගා හානියක් ඉහළට

editor

editor

Next Post

පොහොර නොමැතිකමට වඩා සතුන්ගෙන් වගා හානියක් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved