27 April 2024
#දේශීය

පොහොර නොමැතිකමට වඩා සතුන්ගෙන් වගා හානියක් ඉහළට

වර්තමාන කායලයේදි පවතින පොහොර හිගයත් සමග කාලයක් තිස්සේ සිදු වන වන සත්ව හානිය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීහිපයක ගොවින් අතිරේක බෝග වගාවෙන් ඉවත් වෙමින් සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියයි.

මේ වන විට කොවිඩ් තත්වය හමුවේ විවිධ හේතුන් නිසා ‍ගොවින් අසරණ තත්වයට පත්ව ඇති බවත් ඊට අමතරව පොහොර නොමැතිකමින්ද පිඩාවට පත්වන බවත් තමන් විසින් සුලුවෙන් හෝ වගා කළ එලුවලු ඇතුලු අනෙකුත් දේ වනසතුන්ගේ හානියට පත්ව බවද ගොවි නියෝජිතයෝ කියයි.

ඒ අනුව , නාඋල , ලග්ගල , විල්ගමුව , දඹුල්ල සහ ගලේවෙල කොට්ඨාශවල වන අලි තර්ජනය බලපා ඇති අතර එම ප්‍රදේශවල වී ඇතුළු අනිකුත් බෝග වගා කලත් අස්වුන්න නෙලා ගැනීමට වන අලින්ගෙන් ඉඩක් නොලැබෙන බව ගොවීහු පවසයි.

මාතලේ නගරය ඇතුළු උකුවෙල,යටවත්ත,රත්තොට ආදි ප්‍රදේශවල ගම්මාන ගණනාවකට රිලා උවදුර බලපා ඇති අතර ගම් වදින රිලවුන් කොස් පොල් වැනි ස්ථිර බෝග වගාවට පවා හානිකර බවත් කුරුම්බැට්ටියක් පවා නොතබා බෝග විනාශ කරන බවත් ගොවීහු පෙන්වා දෙති .

මාතලේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාව වල් ඌරන්ගෙන් බේරා ගැනීමේ අපහසුවක් ඇති ගොවීහු පවසති . දිස්ත්‍රිත්තයේ බොහෝ ප්‍රදේශවල බෝග වගාව රිලවුන් සහ වන අලින්ගේ ආක්‍රමණ හේතුවෙන් විනාශවි ඇති බව ගොවි නියෝජිතයින් පවසති .

ගම් වැදුනු රිලවුන් ගම්මානවලින් ඉවත්කර වස්ගමුව වැනි වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන්නැයි ගොවීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මිට අමතරව මොණරුන් සහ වල් ඌරන් ඇතුලු සත්වයින්ගෙන් තම බෝග වගාවන් සදහා ද විශාල වශයෙන් හානි සිදු කරන බවත් මේ වන විට ගොවින් බෝග වගාවෙන් ඇත්විමේ තත්වයකට පත්ව ඇති බවද ගොවිහු පෙන්වා දෙයි.

ගොවි සංවිධාන විසින් අවස්ථා කිහිපයකදි දිස්ත්‍රික් කෘෂිකර්ම කමි‍ටුවට මෙන්ම පරිසර කමිටුව වෙත ඉදිරිපත් කළත් මේ පිලිබදව ඔවුන්ගේ නිසි අවධානයක් යොමු නොවිම කණගාටුවට කරුණක් බවද එම ගොවි සංවිාධන නියෝජිතයෝ පෙන්වා දෙයි.

 ‍

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *