• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්

24 February 2021
in සංවර්ධන

රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පවසයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ .

 

වසර 2011 න් පසුව දිගින් දිගටම වෙළඳපලේ රබර් මිළ ගණන් පහත වැටීමක් සිදු වූ අතර වසර 2011 දී රබර් කිලෝවක මිළ රුපියල් 650/- ක මට්ටමක පැවතුණි. වසර දහයකට පසුව නැවතත් රබර් කිලෝ එකක මිළ රු.650/- දක්වා ඉහළ ගොස් ඇත.
මෙය ඉතා වාසිදායක තත්ත්වයක් වුවද නිර්දේශිත කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පවසයි.

2011 වසරේදී ද අධික මිළ හමුවේ වැඩි වාසි ලබා ගැනීමට දිනපතා කිරි කැපීම නිසා ඉතා හොඳ ඵලදාවක් ලබා දුන් නිරෝගී රබර් ගස් වුවද දිගින් දිගටම රබර් කැපීම නිසා ක්‍රමයෙන් වියළි තත්ත්වයට පත් විය.

ඒ සමගම රබර් මිළද ක්‍රමයෙන් පහත වැටුණ අතර රබර් වගාවන් දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට පත්විය. රබර් මිළ අඩුවීමට වඩා ඵලදාව ලබා දුන් ගස් ගණන අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව විය.

වර්තමානයේ රබර් මිළ වැඩිවීම හේතුවෙන් වැඩිපුර කිරි කැපීම වියළි ගස් හෙවත් පොත්ත තැම්බුණ ගස් ඇති වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත්, මෑත භාගයේ වඩාත් ප්‍රචලිත කෙරුණු අඩු තීව්‍රතා කිරි කැපීමේ ක්‍රම සඳහා ඵලදා උත්තේජක හෙවත් එතරල් භාවිත කරන බැවින් එම වගාවන් කිසිම විටෙක තීව්‍රතාවය ඉක්මවා කිරි කැපීම නොකළ යුතු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පවසයි.

දින තුනකට වරක් හෝ හතරකට වරක් කිරි කැපීමට නිර්දේශිත රබර් වගාවන් කිසිම අයුරකින් දිනපතා හෝ දිනක් හැර දිනක් කිරි කැපීම සිදු නොකල යුතු අතර ඉදිරියේදී රබර් මිළ තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඔබගේ වගාව ප්‍රවේසම් කර ගැනීමට කටයුතු කළ යුතු වේ.

තවද ඔබගේ වගාවේ එක්වරම කිරි ප්‍රමාණයේ වැඩිවීමක්, කිරිවල වතුර ගතිය වැඩිවීමක්, කිරි වෑස්සීමේ කාලය වැඩිවිමක් හෝ කැපුම් කට්ටයේ කිරි නොමැති ස්ථාන වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

දුරකථන අංක – 034 2247426/ 034 2247383, ෆැක්ස් – 034 2247427, ඊ මේල් – [email protected]
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව – 011 2889446

Post Views: 5
Previous Post

විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ

Next Post

2021 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

editor

editor

Next Post

2021 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved