• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පුද්ගලික රෝහල්වලට අයකරන වැට් බද්ද නැති කරයි

16 June 2018
in සංවර්ධන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පෞද්ගලික රෝහල්වලින් අයකෙරෙන වැට් බද්ද ලබන සතියේ සිට අහෝසි කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

යහපාලන ආණ්ඩුවේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2017 ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරීම සඳහා අද (16) මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ මෙම වසර තුළ පමණක් ශ්‍රී ලංකා ගෙවිය යුතු සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.9කි. ඉන් 83%ක් ම 2015ට පෙර ලබා ගත් ණය වීම විශේෂත්වයකි. ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.6ක් වන අතර ඊට 2012, 2013 සහ 2014 වසරවල දී පැවැති ආණ්ඩුව ගිනි පොලියට ලබා ගත් ණය ද ඇතුළත් ය. මේ සියල්ල සිදු කිරීමට ජනතාවගෙන් බදු අය කිරීමට සිදු වෙයි. නමුත් ගැටලුව වන්නේ එම බදු ප්‍රමාණයෙන් වැඩි කොටසක් හෙවත් 82%ක පමණ කොටස තවමත් ගෙවනු ලබන්නේ සාමාන්‍ය ජනතාව වීම ය. පොහොසතුන් තවමත් ඍජු බදු ගෙවන්නේ බදු ආදායමෙන් 18%ක් පමණි. ඊට හොදම උදාහරණය නම් කෝටි දෙකකට අධික ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ තවමත් බදු ගොනු ඇත්තේ ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් වීමය. මෙම ප්‍රතිශතය 2020 වන විට 60% – 40% ප්‍රමාණය දක්වා රැගෙන ඒම ආණ්ඩුවේ අපේක්ෂාවයි. මේ සියල්ල අතරතුර ජනතාවගේ සුබසාධන කටයුතු ආණ්ඩුව පැහැර හැර නැත. මේ ඔබ අතට අද පත්වන්නේ ආණ්ඩුවේ එම උත්සහයේ ප්‍රතිඵලයි. එදා මෙවැනි සහන පවා ලැබුවේ ආණ්ඩුවෙ හෙන්චයියලාගේ නියෝජිතයන්ට ය. අද එවන්නක් නැත. සහන ලබා දීමේ දී අපි කිසිදු අවස්ථාවක පක්ෂ පාට බැලුවේ නැත. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මාතර දිස්ත්‍රික් ප්‍රතිඵලය දෙස බලන විට මෙහි සිටින පිරිසගෙන් ද 75%ක් ම ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් අය විය යුතු ය. එහෙත් අපට වැදගත් වන්නේ සහන සැලසීම මිස ඔබේ දේශපාලනය නොවේ. ජනතාවට සහන සැලසීමේ තවත් දැවැන්ත පියවරක් මේ මස ආරම්භ කෙරේ. ඒ ගම්පෙරළිය වැඩසටහනයි. සෑම ගමක් ම සංවර්ධනය කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා ගම්මාන වැඩි දියුණු කෙරේ. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද නියමිත ය. ඒ අනුව ත්‍රිවිධ හමුදාව සංවර්ධන යුද්ධයට අවතීර්ණ වනු ඇතැයි“ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට දකුණු පළාත් අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Post Views: 16
Previous Post

රැදවියෙකගෙන් කබීර්ට තෑග්ගක්

Next Post

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

editor

editor

Next Post

වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානියට පිළියම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved