• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යායුතුයි – ඇමැති කෙහෙලිය

29 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුමන ආණ්ඩුවක් බලයේ සිටියද මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා සියලු අභියෝගයන් හමුවේ වත්මන් ආණ්ඩුව උපරිම කැපවීමෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවී සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 27 වනදා කොළඹ “ කිංග්ස්බරි හෝටලයේ” පැවැති “සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා වූ උපදේශන සමුළුවේ”දී ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී දැනට පවතින එම ක්‍රමවේදය රටේ වත්මන් තත්ත්වයත් සමග වෙනස් විය යුත්තේ කෙසේද වෙනස් විය යුතු අවස්ථාවන් මොනවාද පවත්නා ක්‍රමවේදය තුළ තිබෙන ගැටලු මොනවා ද යන්න මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා බලපාන සියලු රජයේ ආයතන, පෞද්ගලික අංශයේ රෝහල් හා පෞද්ගලික ආයතන ,රාජ්‍ය නොවන සංවිධාන, ඖෂධ සැපයුම්කරුවන් ,වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල සැපයුම්කරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පරිණත දැනුමක් ඇති නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විද්වත් මඩුල්ලක් සහභාගි විය.මෙහිදී ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමද සිදු විය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමද සිදුවූ අතර , එහිදී ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ විකල්ප පිළිබඳ ඉහළ මට්ටමේ උපදේශක සැසිය ද පැවැත්වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රතිපත්ති වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක තායිලන්තයේ Dr.Viroj Tangcharoensathien, දකුණු කොරියාවේ සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ මහාචාර්ය Dr. Soonman Kwon , ඉන්දුනීසියාවේ Gadjah Maha විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය Dr.Laksono Trisnantoro යන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීනයන් ද සහභාගි විය. ඒ අනුව එම සියලු අදහස් සම්පිණ්ඩනය කොට ගෙන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් සැකසීම මෙහි ප්‍රධානම අංගයයි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලෝක සෞඛ්‍ය සංවිධයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මින් හා ලෝක සෞඛ්‍ය සංවිධානාය් නියෝජිතයින්, ජාත්‍යන්තර නියෝජිතයින්, සෞඛ්‍ය සේවාවේ වත්මන් හා හිටපු ඉහළ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.

Post Views: 8
Previous Post

මාතලේ වෙ‌‌ළෙඳ සැලකින් රුපියල් ලක්ෂ 25 ක සොරකමක් – පොලිසිය

Next Post

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට – ඇමැති කාංචන

editor

editor

Next Post

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට - ඇමැති කාංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved