27 April 2024
#දේශීය

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහලට – ඇමැති කාංචන

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මිල සංශෝධනය අනුව නව මිල ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් 92 ලීටරයක් – රුපියල් 340යි
සුදු ඩීසල් ලීටරයක් – රුපියල් 325 යි
පෙට්‍රල් 95 ලීටරයක් – රුපියල් 375 යි
සුපර් ඩීසල් ලීටරයක් – රුපියල් 465 යි
භූමිතෙල් ලීටරයක් – රුපියල් 295යි

එසේම අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *