27 April 2024
#සංවර්ධන

RMV තවත් ගේමක් හෙළි වෙයි – කූඨ ජාවාරම්කරුවන්ට නීතිමය පියවර

වේරහැර RMV කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරුව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

ඒ, එම ආයතනයේ වෛද්‍ය අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හා තැරැව්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධවෙමින් සිදු කරන නිතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙනි.

එහි සේවාවන් ලබා ගැනීමට පැමිණි මහජනතාව යොමු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව පුද්ගලයින් රුධිරගත සීනි මට්ටම පිළිබඳව මෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේද යන්න වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු විය යුතුය. නමුත් එම පරීක්ෂණයට පෙනී සිටින ඇතැම් පුද්ගලයින් දියවැඩියාව හා රුධිරගත සීනි මට්ටම අවම වුවද, වාර්තාව ලබා දෙමින් එහි සේවකයින් පවසන්නේ පරීක්ෂණය අසමත්වූ බවත්, සීනි නැතිබවට හෝ දියවැඩියාව නොමැතිබවට වාර්තාව ලබා දීමට නම් රු. 2000- 4000 දක්වා මුදලක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට වුවද, වෛද්‍ය වාර්තාව දියවැඩියාව නොමැති බවට සනාථ කර ලබා ගැනීමද ඉහත කී ආකාරයට ම මුදල් දී ලබාගත හැකිය.

එහෙයින් තමන් රවටා මුදල් ලබා ගත් බව කියමින් මහජනතාව විසින් තමන්ට පැමිණිළි කර ඇති බව අමාත්‍යවරවරයා මෙහිදී නිලධාරින්ට කියා සිටියේය. ඒ අනුව මෙවැනි කූඨ ජාවාරම් කරන නිලධාරින් හා සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත්, ප්‍රවාහන අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන වැටලීම් අංශයේ පවතින දුර්වලතා හා අඩුපාඩු නිසා හදිසි වැටලීම් සිදු කිරීම් පසුගිය කාලය තුළ අඩපණ ව ඇති බවත් පැවසීය.

කෙසේ වුවද, ප්‍රවාහණ අංශයේ විමර්ශණ අංශය තිබුන ද එය පසුගිය කාලය තුළ අකර්මණ්‍ය කර ඇත. එම නිසා එම අංශය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිලිවෙළ රැසක් තමන් යෝජනා කර ඇතැයිද, ප්‍රවාහන අංශයේ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ගන්නා සේවකයින් මෙන්ම, තැරැව්කරුවන් අත් අඩංගුවට ගැනීමට උපාය දූතයින් යොදවා ඉදිරියේ දී පියවර ගන්නා බවත් පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *