27 April 2024
#දේශීය

ප්‍රබල විපක්ෂයක් වෙන්න එජාපයට බැහැ – ජවිපෙ කියයි

ප‍්‍රබල විපක්ෂයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට පෙනී ඉන්න නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (26) පිටකෝට්ටේ ප්‍රදේශයේ ජාතික ජන බලවේග සංවිධානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විවිධ අවස්ථාවලදී පැති මාරු කිරීමේ සිදු කර ඇති බවයි.

පසුගිය 2018 වසරේදී ඔක්තෝබර් 26වැනිදා ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයෙන් රාජපක්ෂලා ආණ්ඩුව හදපු වෙලාවේ තමන්ගේ ආණ්ඩුව තියාගෙන එජාප මන්ත්‍රිවරු පිරිසක් මුදල්වලට පැත්ත මාරු කළ බව හෙතෙම පැවසිය.

ඒ වගේම එජාපයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට වංචා, දුෂණ චෝදනා තිබෙන බව දිසානායක මහතා අනාවරණ කළේය. එනිසා ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවේ රූකඩ බවට පත්වීම වළැක්වීමට නොහැකි බව ඔහු අනාවරණ කර සිටියේය.

මහින්ද රාජපක්ෂත්, රනිල් වික‍්‍රමසිංහත් අතර තිබෙන දිගුකාලීන මිතුදම නිසා, එජාපයේ විපක්ෂයේ කාර්ය භාරයක් බලාපොරොත්තු විය නොහැකි බවත් එජාපය තුළ තිබෙන අභ්‍යන්තර ගැටලූ ගණනාවක් නිසා, ඔවුන්ගේ පක්ෂ දේශපාලනය ඉතාම දුර්වල එකක් බවත් ඔවුන්ට ප‍්‍රබල විපක්ෂයක් නිර්මාණය කරන්න නොහැකි බව විශ්වාසය බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *