‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් ලෙස ලෝක බැංකුව මූලික තක්සේරුවක් කර තිබුණද, එම වාර්තාවේ පරිසර හානිය (Environmental Cost) පිළිබඳ කිසිදු සඳහනක් නොමැති වීම බරපතළ අඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවාස සහ යටිතල පහසුකම් සඳහා සිදුවූ හානිය ගණනය කිරීම වැදගත් වුවත්, පාරිසරික පිරිවැය මඟහැරීම පිළිගත නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. එබැවින්, වනජීවී සහ වෘක්ෂලතාවලට සිදුවූ හානිය ද ඇතුළත් කර, පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව වහාම පුළුල් හා සවිස්තරාත්මක වාර්තාවක් සකස් කරන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටී.
















