• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් ව්‍යසනය මැද ජීවිත රැක ගැනීම ප්‍රමුඛ අරමුණයි – සෞඛ්‍ය ඇමැති

6 September 2021
in දේශීය

කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ ජීවිත රැකගනිමින් රටෙහි ජනගහනය ආරක්ෂා කිරීම අපගේ ඉහළම ප්‍රමුඛතාවය යැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුව සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනි. මෙහි 73 වෙනි සමුළුවේ සභාපතිත්වය තායිලන්තයට හිමිව තිබූ අතර මෙවර 74 වෙනි සමුළුව ද සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එහිදී සමුළුවේ නව සභාපති ලෙස මෙරට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ යෝජනා මත නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය Umesh Shrestha මහතා පත්විණි.

අවදානම් සහිත ජනතාව සඳහා එන්නත්කරණය තුළින් එය පාලනය කර ගැනීමට මේ මොහොතේ උපරිමයෙන් ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ මේ දක්වා වාර්තා වූ ඉහළම රෝගීන් හා මරණ සංඛ්‍යාව මේ වසරේ අප අත්විඳි බව අමාත්‍යවරයා මෙහිදී සිහි කළේය. සැප්තැම්බර් 05 වෙනි දා වන විට මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 20 ඉක්මවූ 85.87% ට වඩා එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති අතර, 61.94% ට වඩා එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයිද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, “ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය හා එහි තාක්ෂණික මග පෙන්වීම නිසා පසුගිය වසර කිහිපය තුළ අප සෞඛ්‍ය ජයග්‍රහණ බොහොමයක් ලබා ඇත. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව රටෙහි ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ලව ඇත.මේ තුළ වැදගත් පියවර රැසක් අපගෙන තිබේ.අපගේ උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම මඟින් වේගවත්, සම්බන්ධීකරණ හා මඟ පෙන්වීමකට ලක් විය. ඒ අතරම, නවීන ප්‍රවේශයන් තුළින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීම – තැපැල් සේවාවන් හරහා ඖෂධ නිවෙස් වෙත ලබා දීම, අගුළු දැමූ ප්‍රදේශ වල එළිමහන් ජංගම සායන, පවුල් සැලසුම් සේවා ප්‍රතිසංවිධානය කිරීම, මානසික සෞඛ්‍ය ඖෂධ බෙදා හැරීම සහ ප්‍රජා මට්ටමින් සේවා සැපයීම ද පවත්වා ගැනීමට අපට හැකි විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර ඇත. උදාහරණ ලෙස සූම් තාක්ෂණය ඔස්සේ බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ කේන්ද්‍රස්ථාන සහ පුහුණු ආයතන 40 කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කෙරෙන ඉගෙනුම් කළමනාකරණ පද්ධති වැනි වැඩසටහන් දැක්විය හැක. ඊට අමතරව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මහජනතාව සඳහා ජංගම යෙදුම් භාවිතා කරමින් කොවිඩ් -19 තත්ත්ව කාලීනව අධීක්ෂණය කිරීම සඳහා නව ක්‍රමවේදයන් සකස් කරන ලදී. ගුණාත්මක හා දැරිය හැකි මිලකට ඖෂධ ලබා ගැනීම සහතික කිරීම උදෙසා, ආයතනික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම හා මිල නියාමනය කිරීම මෙන්ම 2020-2025 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කිරීම තුළින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාවලීන් තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. කොවැක්ස් පහසුකම තුළින් සාධාරණ ලෙස එන්නත් සහ ජීවිත ආරක්ෂක වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොපසුබස්නා උත්සාහය අප බෙහෙවින් අගය කරන්නෙමු. වසංගතය සඳහා ප්‍රතිචාර දැක්වීමේදී සහ ලෝක සෞඛ්‍ය ආරක්ෂාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතිය යහපත් ලෙස ගොඩනැගීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු ප්‍රාදේශීය කාර්යාලයේ සහ එහි මූලස්ථානයේ අඛණ්ඩ සහ දැඩි සහයෝගය අපි ඉතා අගය කොට සලකමු “

 

 

 

Post Views: 16
Previous Post

ආණ්ඩුව මෙගා නාට්‍යයක් රඟදක්වන බව මන්ත්‍රී රෝහිණි කියයි

Next Post

පඩුකරඳ හෙවත් ශාඛය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැත – පරිසර අමාත්‍යංශය

editor

editor

Next Post

පඩුකරඳ හෙවත් ශාඛය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැත - පරිසර අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved