• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසැල් බස් රථ කඩිනමින් ධාවනයට එක්කරනවා – ප්‍රවාහන ඇමැති බන්දුල

7 September 2022
in සංවර්ධන

වසර 7ක් පුරාවට රටට විශාල පාඩුවක් සිදු කරමින් ප්‍රයෝජනයට නොගෙන නතර කර තිබෙන බස්රථ පාසල් සිසුන්ගේ පහසුව සඳහා ධාවනයේ යෙදවීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවෙ හෝමාගම පනාගොඩ පිහිටි අශෝක් ලේලන්ඞ් සමාගමේ මෙරට කර්මාන්ත ශාලාව අද (07) නිරීක්ෂණයකට එක්වෙමිනි.

මෙරට රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බස් රථ අසූවක් වසර හතකට පෙර මෙරටට ආනයනය කර තිබේ.

මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් තවමත් සමාගමේ පනාගොඩ කර්මාන්තශාලා සංකීර්ණය මෙම බස් රථ ගාල් කොට තිබේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරමින් ආනයනය කර ඇති මෙම බස් රථ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ධාවනයේ යෙදවීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ද ලබා ගෙන තිබේ.

බස්රථ වල වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් අඩකට මෙම බස් රථ ලබා දීමට සමාගම එකඟතාවය ද පළකර තිබේ. ඒ බස්රථ මෙරටට රැගෙන ආ කාලයේ පැවති විදේශ විනිමය අනුපාතයට බස් රථ ලබා දෙමිනි.එසේම බස් රථ ධාවනයේ යොදවමින් ආදායම් උපයන අතර වසර හතරකින් එම මුදල් ගෙවීමේ පහසුව ලබාදීමටද සමාගම එකගතාවය පලකර තිබේ. මෙලෙස රටට ඉතාමත් වාසිදායක තීරණයකට වුවද බස්රථ මිලදී ගැනීමේ තාක්ෂණික කමිටුව යම් යම් හේතු පදනම් කරගනිමින් මෙම බස් රථ මිලදී ගැනීමට ගැනීම අනුමත කිරීම ප්‍රමාද කිරීම කණගාටුවට කරුණකි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සියයට සීයක් තහවුරු කරමින් බස්රථ වල සියලු අංග නිපදවා ඇති අතර ඒවායේ ආරක්ෂාව සහ නඩත්තුව පිළිබඳව අශෝක් ලේලන්ඩ් සමාගම සම්පූර්ණ වගකීමද භාරගෙන තිබේ. එබැවින් මෙම කරුණු පිළිබඳව කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා දැනුවත් කර සමාගමේ සහතික මත මෙම බස් රථ නියමු ව්‍යාපෘතියක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම මගින් අවශ්‍ය පාසල් වෙත ලබා දී පාසල් සේවය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුමා පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය

Next Post

“Bankers on Bicycles” සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙයි

editor

editor

Next Post

"Bankers on Bicycles" සමාරම්භක අදියර සඳහා ප්‍රධාන බැංකු ආයතන හතරක් එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved