• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ආරම්භය එළැඹෙන 23 වනදා බොහෝ විට ඉඩකඩ ඇති බව – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

6 November 2020
in දේශීය

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම් වරයා සදහන් කළේය.

රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 17 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.

සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබේ.

කෙසේ වෙතත්, කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම්, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති ඉ- තක්සලාව තවදුරටත් පුළුල් කිරීමටත්, මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්(LMS) ස්ථාපනය කිරීමටත්, තුන්වෙනි පාසල් වාරය ඉලක්ක කරගෙන, ප්‍රාථමික , 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය, 6 සිට 11 ශ්‍රේණි, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් මාලාව තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවද ලේකම්වරයා පැහැදිලි කළේය. දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

Post Views: 18
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9305 දක්වා ඉහලට

Next Post

මාරක රිය අනතුරින් අවුරුදු 17 ක තරුණයෙකු මරුට

editor

editor

Next Post

මාරක රිය අනතුරින් අවුරුදු 17 ක තරුණයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved