බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර සුප්‍රසිද්ධ කොපකබානා (Copacabana) වෙරළ තීරයේ පැවැත්වීමට නියමිත සුපිරි ගායිකා ශකිරාගේ (Shakira) දැවැන්ත ප්‍රසංගයේ වේදිකා ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයෙකු ඊයේ (26) සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
වේදිකාවේ බර ඉසිලීමේ පද්ධතියක (Lifting system) සිරවීමෙන් එම සේවකයා බරපතළ තුවාල ලබා මෙලෙස මියගොස් ඇති බව එරට ගිනි නිවන බලකාය තහවුරු කරයි. ලබන සෙනසුරාදා (මැයි 02) පැවැත්වීමට නියමිත මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ලොව පුරා සංචාරකයින් මිලියන ගණනක් රියෝ ද ජැනයිරෝ නුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම කණගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් අදාළ අංශ මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.














