බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමඟ වසරක කාලයක් සාර්ථකව කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
තමන් මෙම හදිසි ඉල්ලා අස්වීමේ තීරණයට පිවිසියේ සිය පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් වෙන් කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් බව ටේට් වැඩිදුරටත් සඳහන් කරයි.
ෂෝන් ටේට්ගේ ඉල්ලා අස්වීමෙන් පුහුණුකරු ධුරයේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. ඒ අනුව, තාවකාලික වේග පන්දු පුහුණුකරු ලෙස බංග්ලාදේශ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක තල්හා ජුබෙයාර් පත් කර තිබේ.
















