හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ්, සිය නවතම JAECOO J5 HEV ප්‍රිමියම් හයිබ්‍රිඩ් SUV රථය ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දී තිබේ. නව බලශක්ති වාහන (NEV) සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරාලමින්, නවීන තාක්ෂණය, ඉහළ ආරක්ෂාව සහ ඉන්ධන කාර්යක්ෂමතාව එකම රථයකින් ලබා දීම මෙම හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.
මෙම රථය 1.5L Turbo GDI එන්ජිමකින්, විදුලි මෝටරයකින් සහ හයිබ්‍රිඩ් ගියර් පද්ධතියකින් (DHT) සමන්විත වේ. අශ්ව බල 221ක සහ නිව්ටන් මීටර 295ක උපරිම බලයක් ලබා දෙන JAECOO J5 HEV රථයට තත්පර 7.9කදී පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමේ හැකියාව ඇත. ලීටරයකට කිලෝමීටර 18.9ක ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත මෙම රථයට, පූර්ණ ඉන්ධන ටැංකියකින් කිලෝමීටර 950කට වැඩි දුරක් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.
වාහනයේ අභ්‍යන්තරය පවුලේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් සැලසුම් කර ඇති අතර, මෙහි උසස් ආරක්ෂණ පද්ධති සහ ස්මාර්ට් ධාවන තාක්ෂණයන් ඇතුළත් වේ. Hayleys Mobility ආයතනය විසින් මෙම රථය සඳහා වසර 7ක පුළුල් වගකීමක් සහ බැටරිය සඳහා වසර 8ක විශේෂ වගකීමක් ලබා දෙයි.
රුපියල් මිලියන 19.9ක මිලකට හඳුන්වා දෙන මෙම රථය, කොළඹ OMODA & JAECOO ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් හෝ ඕනෑම Hayleys Mobility ප්‍රදර්ශනාගාරයකින් මිලදී ගත හැකිය. මෙම හඳුන්වාදීම සනිටුහන් කරමින්, මුල්ම පාරිභෝගිකයින් 100 දෙනා සඳහා රුපියල් මිලියනයක වට්ටමක් පිරිනැමෙන බව ද සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි. වැඩි විස්තර සඳහා 0112 222 222 අංකය ඇමතීමෙන් හෝ www.hayleysmobility.com
වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.
















