• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා යළි දේශපාලනයට පිවිසෙන බව මෙතෙක් කිව්වේ නෑ – ඇමැති ප්‍රසන්න

19 August 2022
in දේශීය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙ බව පැවසුවේ අද (19) නුවරදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

එමෙන්ම ඔහු එවැනි තීරණයක් ගනීවියැයි තමන් විශ්වාස නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. ” මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිමිවිය යුතුයි. ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත්හැරල මේ රටට සේවකයන් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගිල ඉන්න ඉඩදෙන්න බෑ. ඒක ඔහුගේ මානව හිමිකම් කඩකිරීමක්. ඒ නිසා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරල ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වගේම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ගන්න කියලත් අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා. මොකද මේ ප්‍රශ්නය තව දුරටත් ඇදෙන්න දෙන්න බැහැ. රට ඩොලර් අර්බුදයයකට මුහුණ දීල ඉන්නෙ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය ලබා දෙනවා. අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145ක් ඉන්නවා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජන්දයෙදි ජන්දය පොදුජන පෙරමුණේ ජන්ද125 ට වැඩි ප්‍රමාණයක් ලැබුණා. රටේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක්. ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත්ත බහුතරය අද විපක්ෂය නියෝජනය කරනවා. ඉකුත් ආණ්ඩු කාලයෙ ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය වගේ පක්ෂ හිටියේ වත්මන් ජනාධිපතිවරයා සමඟයි. ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම අපිට වඩා ඔවුන්ට පහසුයි. සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවකට සහය ලබා දෙනවානම් සද්භාවයෙන් ඒකට සහය ලබාදෙන්න කියල අපි විපක්ෂනායකතුමාට මීට කලින් කිව්වා. ඒ සඳහා ඇමතිකම් අතහැරල කැපකිරීම් කරන්න අපි සූදානම්. එමෙන්ම පිහිටුවන ලබන ආණ්ඩුවේ අමාත්‍යවරුන් පත්කිරීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් නම්කිරීමේ බලය පක්ෂවලටම ලබාදීමටද තීරණය කර ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී පැවසීය.

Post Views: 16
Previous Post

මන්ත්‍රි රෝහණ දිසනායක රටට ඩොලර් ගේන හැටි කියයි

Next Post

රනිල් කරන්නේ සීතල දඩයමක් – ජවිපේ ටිල්වින්

editor

editor

Next Post

රනිල් කරන්නේ සීතල දඩයමක් - ජවිපේ ටිල්වින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved