• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Southern MICE Expo 2024 සංවිධානය කෙරේ

2 May 2024
in දේශීය, පුවත්, ව්‍යාපාර
Southern MICE Expo 2024 සංවිධානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Southern MICE Expo 2024 ප්‍රදර්ශනය එළැඹෙන මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක් වී ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ දකුණු පළාත Meetings, Incentives, Conferences, Exhibitions and Events (MICE) කාණ්ඩයේ සංචාරක කටයුතු සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ය.

මෙම ප්‍රදර්ශනය ලොව පුරා MICE සංචාරක සේවා නියෝජිතයන්ට සහ ජනමාධ්‍යවලට, මෙරට දකුණු පළාතේ සංචාරක ආකර්ෂණයන් දැකබලා ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය විසින් මේ වනවිට ලොව පුරා MICE නියෝජිතයන් සහ ජනමාධ්‍ය නියෝජිතයන් විශාල පිරිසකට මෙම ප්‍රදර්ශනය සඳහා ආරාධනා කර තිබේ. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, කටාර්, මැලේසියාව, ජපානය, ඉරානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක් මීට ඇතුළත් ය. ව්‍යාපාරික සමුළුවක්, B2B වැඩසටහනක්, Theme Night වැඩසටහනක් සහ දකුණු පළාතේ සංචාරයක් ඇතුළු වැඩසටහන් රැසක් Southern MICE Expo 2024 ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබේ. එමෙන්ම දේශීය ව්‍යාපාරවලට මෙහිදී ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, දේශීය නියෝජිතයන්ට සහනදායී ගාස්තු යටතේ ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබේ.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “ශ්‍රී ලංකාවේ දකුණු පළාත MICE සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය දරන උත්සාහයට සහයෝගය ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙහි අරමුණ වන්නේ සියලු පාර්ශ්වකරුවන් එක්තැන් කරමින්, ශ්‍රී ලංකාව තුළ සම කළ නොහැකි MICE අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් සැපයීමයි. මෙමගින් අමුත්තන්ට සහ උත්සව සංවිධායකවරුන්ට සුවිශේෂී අත්දැකීමක් මෙන්ම රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් හිමි වේවි.”

සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා මෙසේ අදහස් දැක්වී ය. “Southern MICE Expo 2024 ප්‍රදර්ශනය ආර්ථිකය නංවාලමින් යහපත් වෙනසක් ඇතිකිරීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා. මෙමගින් පහසු හා සහනදායී MICE ගමනාන්තයක් මෙන්ම ප්‍රෞඪ ඉතිහාසයක්, සංස්කෘතියක් සහ ස්වාභාවික සෞන්දර්යයක් සහිත, අලුත් අත්දැකීමක් සඳහා ඉතාමත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම ගෝලීය MICE වෙළඳපොළට වැටහේවි. එමෙන්ම දේශීය හා විදේශීය සංචාරක සේවා සම්පාදකයන්ට එකිනෙකා සමග අත්වැල් බැඳගනිමින් එක්ව දියුණුව ළඟා කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ වැදගත්කම MICE සංචාරකයන්ට පෙන්වා දීමටත් Southern MICE Expo 2024 ප්‍රදර්ශනය මහඟු කාර්යභාරයක් ඉටුකරනු ඇති බව මට විශ්වාසයි.”

මෙම වැඩසටහනේ වැදගත්කම සහ වපසරිය පිළිබඳව සඳහන් කරමින්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති තිසුම් ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ: “විචිත්‍රවත් ඉතිහාසයක් මෙන්ම සුන්දරත්වයෙන් අනූන වෙරළ තීරයක් සහිත දකුණු පළාත MICE සංචාරක කටයුතු සඳහා තෝතැන්නක් ලෙස හැඳින්වීමට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරාම ජනප්‍රිය වීමට එයට හැකියාව තිබෙනවා. එමෙන්ම, තිරසාරත්වය යනු අප කවදත් ප්‍රමුඛත්වය ලබාදෙන දෙයක් නිසා, දේශීය ව්‍යාපාර නගසිටුවමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙනුත් අප දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව, කිසියම් පළාතක වැදගත්කම හුවා දැක්වීමෙන් නොනැවතී, සමස්තයක් ලෙස රටේ ආර්ථිකයන් නගා සිටුවීමට හැකිවන ආකාරයට රටේ විවිධ පළාත්වල ප්‍රදර්ශන පැවැත්වීමට අප තීරණය කළා. ගතානුගතික සම්ප්‍රදායෙන් බැහැර වෙමින්, දේශීය ව්‍යාපාර හා ප්‍රජාවන්ද ඇතුළත් වන පරිදි වඩාත් පුළුල් අත්දැකීමක් තිළිණ කිරීම අපගේ ඉලක්කයයි. මෙම ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර නියෝජිතයන්ට ආරාධනා කර සිටින අතර, ඔවුන්ට අපගේ පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම් බව ප්‍රකාශ කිරීමට කැමතියි.”

මීට පෙර MICE Expos යන නාමය යටතේ පවත්වන ලද ප්‍රදර්ශන බෙහෙවින් සාර්ථක වීම නිසා, ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ජනප්‍රිය කරවීමේ අරමුණට සමගාමීව ‘MICE Expos’ යන සන්නාමය අඛණ්ඩව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය තීරණය කර ඇත. මෙහි සමාරම්භක සංකල්පය 2021 වසරේදී ගෝලීය වසංගත තත්වය පැවති කාලය තුළ අතථ්‍ය (Virtual) MICE ප්‍රදර්ශනයක් වශයෙන් සංවිධානය කරන ලදි. මින් අනතුරුව MICE Expo Colombo Edition සහ MICE Expo 2023- Jaffna යන ප්‍රදර්ශන පැවැත්විණි. ඉදිරියේදී මධ්‍යම කඳුකරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ඇතුළු ප්‍රදේශවලද මෙබඳු MICE ප්‍රදර්ශන සංවිධානය කරමින් ගෝලීය MICE සංචාරක කර්මාන්තය ජයගැනීමට ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය බලාපොරොත්තු වෙයි.

PR

Post Views: 9,881
Previous Post

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

Next Post

ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.. – අනුර දිසානායක

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.. – අනුර දිසානායක

ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.. - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved