ඉදිරි මාස තුන තුළ මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල ව්යාපාරික ක්රියාකාරකම් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
හිතකර සාර්ව ආර්ථික තත්ත්වය, සංචාරක පැමිණීම් ඉහළ යාම සහ වසර අවසාන උත්සව සමයේදී භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිවනු ඇතැයි අපේක්ෂා කිරීම මෙම සුබවාදී තත්ත්වයට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් පවතින අවිනිශ්චිතතා හේතුවෙන් ව්යාපාරික ක්රියාකාරකම්වලට යම් අවදානම් ඇතිවිය හැකි බවද මහ බැංකුව පෙන්වා දෙයි.
















