හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නැවත බංග්ලාදේශයට පැමිණෙන මොහොතේම ඇයව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂමා ඔබායිද් ඉස්ලාම් මහතා ප්‍රකාශ කරයි. පවතින නීතියට අනුකූලව අධිකරණය විසින් ඇයට නියම කර ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු අග්‍රාමාත්‍යවරියට බංග්ලාදේශ ජාත්‍යන්තර විනිශ්චය සභාව විසින් පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කරනු ලැබීය. කෙසේ වෙතත්, එන්.ඩී.ටී.වී පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී හසීනා සඳහන් කර තිබුණේ තමන් මෙම වසර අවසානයේ බංග්ලාදේශයට පැමිණීමට බලාපොරොත්තු වන බවයි. ඇය මරණයට බියකින් තොරව මෙරටට පැමිණෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.














