ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය පවසන පරිදි, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන්ම වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,666ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 72ක් ලෙස සටහන්ව තිබේ. අගෝස්තු මාසයේ ගත වූ දින 26ක කාලය තුළ පමණක් නව රෝගීන් 9,330ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික්ක වශයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි (20,170ක්). ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18,775ක්, මහනුවරින් 6,892ක්, මාතරින් 6,112ක්, කළුතරින් 6,111ක්, ගාල්ලෙන් 5,185ක් සහ රත්නපුරයෙන් 5,029ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති බවත්, කොළඹ නගර සීමාවෙන් පමණක් රෝගීන් 3,805ක් හමුවී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
















