අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට සහ ව්‍යාපාරික කටයුතුවල නිරතවන්නන්ට සහනයක් සැලසීම සඳහා පෙට්‍රල් වාහන වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් ‘QR’ ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම සහනය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ අතර එය අප්‍රේල් මස 18 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.
පසුගිය දිනවල පැන නැගුණු ගෝලීය බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවන් හේතුවෙන් ඉන්ධන සැපයුම පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවද, උත්සව සමය වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතු බව බලධාරීහු අවධාරණය කරති. මේ අනුව අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් ලබාගැනීමේදී සතිපතා පනවා ඇති කෝටා සීමාවන් සැලකිල්ලට නොගන්නා ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී තිබේ.
කෙසේ වෙතත්, ඩීසල් වාහන සඳහා පවතින QR ක්‍රමය සහ සීමාවන් නොවෙනස්ව පවතින බවත්, අප්‍රේල් 18 වැනිදායින් පසු පෙට්‍රල් වාහන සඳහා ද නැවතත් සාමාන්‍ය පරිදි QR ක්‍රමය බලාත්මක වන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. උත්සව සමයේ ඉන්ධන පිරවුම්හල් අසල තදබදය අවම කරගැනීම සඳහා ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














