ශ්‍රී ලංකාවට හිමි GSP+ වෙළෙඳ සහනය 2029 වසර දක්වා සුරක්ෂිතව පවතින බවත්, නව ක්‍රමවේදයක් යටතේ යළි අයැදුම් කිරීම සඳහා වසර දෙකක කාලයක් හිමිවන බවත් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් පවසයි. ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – බෙනලක්ස් ව්‍යාපාරික සභාවේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.
කෙසේ වෙතත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පූර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් වෙත ගමන් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.














