දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර අද දහවල් 12.11ට පෙසාලෛ, මාන්කුලම් සහ නැදුන්කර්නි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.














