මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති මෙරට ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇගයීමට ලක්ව තිබේ. කොළඹ මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී IMF ශ්‍රී ලංකා මෙහෙයුම් මණ්ඩල ප්‍රධානි එවාන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා මේ බව ප්‍රකාශ කළේය.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට අපනයන, සංචාරක ඉපයීම් සහ විදේශ ප්‍රේෂණ කෙරෙහි සෘජු බලපෑම් ඇති විය හැකි බව පෙන්වා දුන් IMF නියෝජිතයා, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා බදු කාන්දුවීම් වැළැක්වීමේ වැදගත්කම ද අවධාරණය කළේය. එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ ආයෝජන හිතකාමී කම්කරු නීති හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














