• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීමට එතෙර ශ්‍රී ලංකා දූත මණ්ඩල අපේක්ෂා කරයි

24 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු රාශියක් අවම කිරීම සඳහා වූ උත්සහා කරමින් සිටින අවස්ථාවකදී, COVID-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉස්මතුවී තිබෙන වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ සන්දර්භය හමුවේ, ශ්‍රී ලංකාවේ අපනයන නැවත ස්ථානගත කිරීම සඳහා ද ඊට සමාන්තරව උත්සාහ දරනු ලබන බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

මෙය සාර්ථක වුවහොත්, පශ්චාත් COVID-19 ලෝකය තුළ ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයේ එක් පියවරක් ඉදිරියෙන් සිටිනු ඇතැයි ද ඔහු පැවසීය.

රවිනාථ මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම බලපෑමට ලක් වූ කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කොන්සියුලර් ජනරාල් කාර්යාල 67 ක ජාලය දරන ප්‍රයත්න බවයි. එසේම විදේශ සබඳතා අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ මෙම වෙනස් වී ඇති තත්වයන්ට මුහුණ දීම සඳහා වෙනස් කොට ඇති බවයි.

මෙම ගෝලීය වසංගත කාලසීමාව තුළ දී රටේ ආර්ථිකය පවත්වාගෙන යාම සහ එයින් පසුව ඇතිවන ආර්ථික පසුබෑම අවම කිරීම සඳහා වූ රජයේ ආර්ථික සැලැස්මට සහාය වීම පිණිස විදේශ සබඳතා අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ එක්ව ශ්‍රී ලංකා නිෂ්පාදන නව වෙළඳපලවල් වෙත ප්‍රවේශ කරවීම පිළිබඳව අඛණ්ඩව ගවේෂණය කරමින් සිටින බව මෙහි දී සඳහන් විය. COVID-19 ගෝලීය වසංගතයේ පසුබිම තුළ, වෙනස් වෙමින් පවතින ලෝක වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳව මෙන්ම, ඔවුන්ගේ අක්තගන්වා සිටින රටවල පවත්නා ක්‍රියා පටිපාටි, අවශ්‍යතා සහ සීමාවන් පිළිබඳව විදේශ දූත මණ්ඩල විසින් සිදුකරන සතිපතා යාවත්කාලීන කිරීම් මගින් දැනුවත් වෙමින්, තේ, කුළුබඩු, පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE), රබර් අත්වැසුම්, මුහුණු ආවරණ, නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ, ශල්‍ය මුහුණු ආවරණ, ශල්‍ය හිස්වැසුම්, ශල්‍ය ඇඳුම්, සනීපාරක්ෂක අත්පිසින කඩදාසි, සැකසූ ආහාර, පලතුරු සහ එළවළු සහ මුහුදු ආහාර සම්බන්ධයෙන් රටවල් දහයක ආනයනකරුවන් සමඟ ශ්‍රී ලංකා අපනයනකරුවන් සම්බන්ධ කිරීමට මෙම වැඩපිළිවෙල මඟින් මෙතෙක් පහසුකම් සලසා තිබේ.

මේ වන විට වෙළඳපොළ යාවත්කාලීන කිරීම් 56 ක් ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගොනු කර ඇති බවත්, එම තොරතුරු වෙත අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වන https://www.edb.gov.lk/marketalerts හරහා පිවිසිය හැකි බවත්, ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී. එම්. අම්සා මහතා මෙහි දී සඳහන් කළේය. මේ දක්වා ලැබී ඇති වෙළඳපල යාවත්කාලීන කිරීම්වල සාරාංශයෙන් හෙළි වූයේ, පසුගිය දෙසතිය තුළ ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ තුර්කියට මෙට්‍රික් ටොන් 336 ක්, ඊජිප්තුවට මෙට්‍රික් ටොන් 100 ක් සහ ලිබියාවට මෙට්‍රික් ටොන් 25 ක් ද ඇතුළුව ශ්‍රී ලංකා තේ සඳහා රටවල් 21 කින්, මුහුණු ආවරණ සඳහා රටවල් 25 කින්, ආරක්ෂිත ඇඳුම් සඳහා රටවල් 15 කින්, පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සඳහා රටවල් 13 කින් සහ රබර් අත්වැසුම් සඳහා රටවල් 15 කින් ඉල්ලුම් ලැබී ඇති බවයි. ආහාර ද්‍රව්‍ය සහ එළවළු සඳහා ද රටවල් 13 කින් ඉල්ලීම් ලැබී තිබේ.

මැදපෙරදිග හා තුර්කියේ විවිධ ස්ථානවලට තේ තොග මෙන්ම තවත් නිෂ්පාදන කිහිපයක් යැවීම සම්බන්ධයෙන් අපනයන ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ කටයුතු කරයි. අපනයනකරුවන් මුහුණ දෙන දුෂ්කරතා හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ අදාළ ලියකියවිලි නිෂ්කාශනය කිරීම පහසු කිරීම සඳහා, සැලකිය යුතු අපනයන ස්ථානවල රේගු සහ වෙනත් අදාළ ආයතන සමඟ එම ඉල්ලීම් පිළිබඳව මෙම අමාත්‍යාංශය විසින් විධිමත් ලෙස කටයුතු කරනු ලැබේ. අපනයන ලියකියවිලි සත්‍යාපනය කිරීම සඳහා සුදුසු පියවර ගනිමින්, කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයක් ද මෙම ප්‍රයත්නයට සහයෝගය ලබා දී ඇත.

මීට අමතරව, වර්තමාන COVID-19 ගෝලීය වසංගතය සහ රටේ බොහෝ ප්‍රදේශවල පවතින ඇඳිරි නීතිය තිබියදීත්, ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කොට ඇති විදේශීය සංචාරකයින් 12,000 කට වැඩි පිරිසකට අවශ්‍ය පහසුකම් සලසමින් මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද සහාය වෙමින් සිටියි. ආපසු සිය රටවල් බලා යාම සඳහා වාණිජ හා වරලත් ගුවන් ගමන් අඛණ්ඩව පැවතිය ද, මෙහි රැඳී සිටින බටහිර රටවල සංචාරකයින් 4000 කට අධික සංඛ්‍යාවක් මෙයට ඇතුළත් වේ. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින් සඳහා වන වීසා බලපත්‍ර 2020 මැයි 12 වැනි දින දක්වා ස්වයංක්‍රීයව දීර්ඝ කරන ලදී.

 

 

 

Post Views: 2
Previous Post

රාජ්‍ය ආයතන ලබන සතියේ සිට වැඩ

Next Post

ඉදිරි දින දෙක – රටටම ඇඳිරි නීතිය

editor

editor

Next Post

ඉදිරි දින දෙක - රටටම ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved