27 April 2024
#දේශීය

ඉදිරි දින දෙක – රටටම ඇඳිරි නීතිය

අද (24) රාත්‍රී 8.00 සිට එළඹෙන 27 වනදා සදුදා උදාසන 05.00 දක්වා සමස්ථ දිවයිනට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය ඇතුලු අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට අනෙක් ප්‍රදේශවල පසුගිය 20 වනදා සිට ඇඳිරී නීතිය ක්‍රියාත්මක වුයේ රාත්‍රී 08.00 සිට උදාසන 05.00 දක්වා පමණි.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරාදා සහ 26 ඉරිදාත් මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *