ජාත්‍යන්තර ශ්‍රම සංවිධානයේ (ILO) දත්ත මත පදනම්ව ‘Visual Capitalist’ විසින් නිකුත් කරන ලද නවතම ලෝක අවම වැටුප් සංසන්දනාත්මක වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව රටවල් 130ක් අතරින් 120 වැනි ස්ථානයට පත්ව තිබේ.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුපේ ක්‍රුත මිලදී ගැනීමේ හැකියාව ඇමෙරිකානු ඩොලර් 200ක් ලෙස සටහන් වී ඇති අතර, එය ගෝලීය වශයෙන් ඉතා පහළ මට්ටමක පවතී. ආසියානු කලාපයේ දකුණු කොරියාව (ඩොලර් 2,362 – 11 වැනි ස්ථානය) සහ ජපානය (ඩොලර් 1,839 – 16 වැනි ස්ථානය) ඉහළම මට්ටම්වල පවතින අතර, දකුණු ආසියාතික රටවල් අතර පාකිස්තානය 68 වැනි ස්ථානයේත් (ඩොලර් 570), නේපාලය 78 වැනි ස්ථානයේත් (ඩොලර් 490), බංග්ලාදේශය 89 වැනි ස්ථානයේත් (ඩොලර් 379), ඉන්දියාව 111 වැනි ස්ථානයේත් (ඩොලර් 233) පවතියි.
ගෝලීය වශයෙන් ස්විට්සර්ලන්තය (ඩොලර් 3,804) පළමු ස්ථානය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට වඩා පහළින් ශ්‍රේණිගත වී ඇත්තේ රටවල් 10ක් පමණි. මෙම අගයන් සෘජු ඩොලර් ආදායමක් ලෙස නොව දේශීය මිලදී ගැනීමේ ශක්තියේ සමානාත්මතාවය මත ගණනය කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
















