අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී ප්‍රසංගය ඊයේ (27) නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූවාය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් පැවැත්වූ මෙම බැති ගී ප්‍රසංගය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අතර, එය ශ්‍රාවකයන්ගේ භක්තිය වර්ධනය කිරීමට ඉවහල් විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලු වැව මහතා, අතිරේක ලේකම් (පරිපාලන) සමන්ති මිහිඳුකුල මහත්මිය, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.














