දකුණු පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
සූර්යයා උතුරට ගමන් කිරීමේ දෘශ්‍ය ගමන අනුව අද (12) දින දහවල් 12:11 ට චෙඩ්ඩිකුලම්, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල සහ නිලාවේලි යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිතය. හිරු මුදුන් වීමත් සමඟ පවතින දැඩි රශ්මිය සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු මෙන්ම තාවකාලික තද සුළං පිළිබඳව ද අවධානය යොමු කර අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
පවතින උත්සව සමයේ ගමන් බිමන් යන ජනතාව මෙම කාලගුණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.














