27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකාව ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට

ආසියා නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව අද (08) සුදුසුකම් ලබා ගත්තා. ඒ අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින්. සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා නෙට්බෝල් ශූරතාවලියේ කුසලාන කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ශ්‍රී ලංකාව පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 55 ට හතළිස් හයක් ලෙස හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින් තියුණු ජයක් ලබා ගත්තා. දෙවන අවසන් පූර්ව තරගයේදී ආසියා නෙට්බෝල් ශූරතාව හිමිකරගෙන සිටින මැලේසියාව ලකුණු 51 ට 43 ක් ලෙස පරාජය කිරීමට සිංගප්පූරුව සමත් වුණා. පළමු වටයේදී සිංගප්පූරුව ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුණා. ආසියා නෙට්බෝල් ශූරතාවලියේ සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය හෙට (09) පැවැත්වෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *