27 April 2024
#දේශීය

පොහොට්ටුවටත් එජාපයටත් තනි ආණ්ඩු හදන්න බෑ – ජනපති

පොදු ජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සැදීමට කිසිදු අවස්ථාවක් හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවයි. පොහොට්ටුවේ අයයි එක්සත් ජාතික පක්ෂයේ අයයි දේශපාලනිකව සිටින්නේ අධිතක්සේරුවක බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *