• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සංවර්ධන ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන්න – ඇමති ප්‍රසන්න

13 July 2023
in දේශීය

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවිට මුදල් ලැබුණු වහාම කල් නොයවා අදාළ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බවයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (13) සහභාගී වෙමිනි.

එමෙන්ම මේ වනවිට අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලෙසත්, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහභාගීවන බැවින් එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවේඡනවලින් තොරව නිවැරිදි තීන්දු ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ආයතන රැසක් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය මූලික වැඩ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන එම ආයතන මගින් සිදුකර ගන්නා ලෙසයි. එවිට පිටස්තර ආයතනවලට ඇදී යන විශාල මුදලක් අමාත්‍යංශය තුලම රඳවාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කීරීමේදී ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව එය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය. සුළු මුදලක් යොදා මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළහොත් අතරමඟදී ඒවා නතර කර දැමීමමට සිදුවන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමඟින් මුදල් නාස්තිවීම පමණක් නොව මහජනතාව සහ රජයද අපහසුතාවයට පත්වන බවයි.

එබැවින් මින් ඉදිරියට උපදෙස් දුන්නද නිසි අධ්‍යයනයකින් තොරව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට කීවේය.

රජය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටී. එබැවින් රජයට බරක් නොවී රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා සහ අමාත්‍යංශය යට‍තේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 18
Previous Post

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු පත් කෙරේ

Next Post

EPF පනතට සංශෝධන ගේනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

editor

editor

Next Post

EPF පනතට සංශෝධන ගේනවා - ආචාර්ය හර්ෂ ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved