27 April 2024
#දේශීය

සුන්දරම්ට සහ චාල්ස්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

සුන්දරම් අරුමයිනායහම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත්කිරීමටත්, පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව ඇත.

ඒ, වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා සුන්දරම් අරුමයිනායහම් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාවට, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) රැස් වූ පාර්ලිමේන්තු සභාව සිය එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ. ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් , රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් ඇය මීට පෙර කටයුතු කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද මෙම රැස්වීමට එක්වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *